අගමැතිට ගෙනා සිසිල් බීම බෝතලයේ ගෝස් කෑලි!


පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට ගෙනැවිත් තිබූ සිසිල් බීම බෝතලයක ගෝස් කැබැල්ලක් තිබී හමුවී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඊට අනූව මෙම ගෝස් කැබැල්ල හමුවේ ඇත්තේ අගමැතිගේ පානයට ගෙනවිත් තිබූ සිසිල් බීම බෝතලයක තිබිය දී ය.

මෙය කිසිවකු විසින් සිතා මතා කළ වැඩක්දැයි සැක මතු වී තිබෙන නිසා ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට වැලිකඩ පොලීසිය වෙත බීම බෝතලය භාර දී ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකවන බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත‍්‍රදාරියා ද තහවුරු කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment