
කොළඹ නිදහස් චතුරස්‍ර භූමියේ සිටි පෙම් යුවලක් එහි ආරක්ෂක නිලධාරීන් සමග ආරවුලක් ඇතිකර ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්වී තිබෙනවා
ඊයේ සවස 4 ට පමණ කොළඹ නිදහස් චතුරස්‍රයට පැමිණි මෙම පෙම්වතුන් යුවළ එහි වාඩි වී සිට ඇති අතර එම ස්ථානයේ නීති රීතිවලට එය පටහැනි බැවින් ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබුණා
එහිදි පෙම්වතිය හා පෙම්වතා විසින් ආරක්ෂක නිලධාරීන් සමග ඇතිකර ගත් ආරවුල පෙම්වතා විසින් වීඩියෝ කර ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා අන්තර්ජාලයට මුදා හැර තිබුණා
මේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට එම ස්ථානයට ගිය හිරු ගොසිප් කණ්ඩායමට සිද්ධිය වූ අවස්ථාවේ එතැන සිටි ආරක්ෂක නිලධාරියෙකුගේ ජංගම දුරකතනයේ සිද්ධිය රූ ගත වූ වීඩියෝවද ලබාගන්නට හැකි වුණා.
එමෙන්ම එහි නීතිමය තත්ත්වය පිළිබඳ විමසීමේදී ආරක්ෂකයින් අප හට පැවසුවේ එම ස්ථානයේ පෙම්වතුන්ට කාලය ගත කිරීම සඳහා නීතියෙන් ඉඩක් නොමැති බවයි. තවද නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිදුකරන සෑම කටයුතක් සඳහාම සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් අවසර ගැනීමට අවශ්‍ය බවත් ඔවුන් පවසා සිටියා.
මේ අතර එම ස්ථානයට අප ගිය අවස්ථාවේම පැමිණි පෙම් යුවල කිහිපයකටම ආරක්ෂක නිලධාරීන් විසින් සුහදව අවවාද කර නැවත හරවා යවනු දැකගන්නට ලැබුණා. ඔවුන්ට පවරා ඇති රාජකාරියට අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙම නිලධාරීන් බැඳී සිටින බවත් ඒ පිළිබඳව යම් ගැටළුවක් පවතීනම් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් විමසා කරුණු දැනගත හැකි බවත් ඔවුන් වැඩිදුරටත් අප හමුමේ පවසා සිටියා
සිද්ධිය වූ අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියා ලබාගත් වීඩියෝව පහතින්..
0 comments :
Post a Comment