
මෙම දැරියගේ මව විසින් තල්ලු කරන රථයක තබා ඔලිම්පික් උද්‍යානය තුල දරුවා රැගෙන රැගෙන යමින් සිටියදීයි මෙම පැහැර ගැනීම සිදුව තිබෙන්නේ.
පැහැර ගැනීම සිදුවූ දිනට පසුදින දැරියගේ මළසිරුර හමුවී තිබෙනවා. දැරිය පැහැරගැනීමට පැමිණි අවස්ථාවේදී සැකකරු පිටුපසින් මව දිවගියද ඔහු සොයා ගැනීමට නොහැකිවූ බවයි මව පොලිසියට පවසා ඇත්තේ.
අවුරුදු 22 ක් වූ මෙම මව කියා ඇත්තේ පැහැරගත් පුද්ගලයා ළඟ මත්පැන් දුගදක්ද දැනුනු බවයි.
තවද තමාට සැකකරුගේ මුහුණ හදුනාගැනීමට නොහැකි වූ බවත් ඔහු අඩි හයක් පමණ උස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන පුද්ගලයෙකු බවත් අනුමාන කරගත හැකි බවයි.
පොලිසිය පවසන්නේ දරුවාගේ මළසිරුර කොපමණ වේලාවකට පසු එම ස්ථානයට දමන්නට ඇතිද යන්න තවමත් නිශ්චිතව පැවසිය නොහැකි බවයි.
මරණයට හේතුවද අනාවරණය කරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
(under the courtesy of hirunews news web)



0 comments :
Post a Comment