තිදෙනෙකු මරුට - තුවාල ලැබූ 47දෙනෙකු රෝහලට 

තිදෙනෙකු මරුට - තුවාල ලැබූ 47දෙනෙකු රෝහලට 

අවිස්සාවේල්ල කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාවේ ඊයේ (05) පස්වරුවේ හටගත් ගින්න හේතුවෙන් මේවන විට තුවාල ලැබූ 47දෙනෙකු රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

එම තුවාල ලැබූවන්ගෙන් 37දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් බවත් එම තුවාල ලැබූවන් හෝමාගම ඇතුළු අවට රෝහල්වලට ඇතුළත් කර ඇති බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් තිදෙනෙකු මිය ගොස් ඇති බවත් තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් මේ වන විටත් පාලනය කරමින් තිබෙන බව යුධ හමුදාව පවසයි.  

මේ අතර මේ දක්වාත් සාලාව හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටි සෙබළුන්ගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු අනාවරණය වී නැත.

හමුදා කඳවුර තුළින් තවමත් පිපිරිම් ශබ්ද ඇසෙන බැවින් ඊට ළඟාවීම අපහසු බව වාර්තා වේ.

කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාවේ පතරොම් ගබඩා කර ඇති කොටසේ ඊයේ (05) පස්වරුවේ පිපිරීමක් සමග ගින්න හට ගැනිණි.  

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment