අද අළුයම පිපුරුම් කිහිපයක් - නිරීක්ෂණයට හෙලිකොප්ටර් යානයක් 

අද අළුයම පිපුරුම් කිහිපයක් - නිරීක්ෂණයට හෙලිකොප්ටර් යානයක් 

කොස්ගම කඳවුරේ තුළ අද (06) අළුයම 1.30සිට විටින් විට විශාල පිපුරුම් කිහිපයක් හටගත් බවත් තවදුරටත් හයිලෙවල් මාර්ගය කලුඅග්ගල මංසන්ධියෙන් අවිස්සාවේල්ල දෙසට වසා දමා ඇති බවත් අප වාර්තාකරු පවසයි.

අද අළුයම 1.30ට, අළුයම 3.00ට හා ඉන් පසු ද විශාල පිපුරුම් හඩක් නගමින් පිපුරුම් හටගත් බවත් මේවන තෙක් හමුදා කඳවුරේ සිට කිලෝමීටරයක් ඇතුලතට කිසිදු පුද්ගලයෙකුට ඇතුල් වීමට අවසර ලබා නොදෙන බවත් වාර්තාවේ.

අප වාර්තාකරු සඳහන් කළේ අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් පාරේ කොස්ගම කඳවුර ඉදිරිපිට මාර්ගය විනාශ වී ඇති බවත් එම මාර්ගයට මෝටාර් උණ්ඩ වැටීම හේතුවෙන් මාර්ගයට දැඩි හානි සිදුවී ඇති බව වාර්තාවන බවත්ය.

කඳවුර අවට ප්‍ර‍දේශය නිරීක්ෂණය කිරීමට ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදවා තිබේ.

අවිස්සාවේල්ල කොස්ගම කඳවුරේ ඇති වූ ගින්න සවස 5.30 ට පමණ ආරම්භ වී ඇති බවත් රාත්‍රී 8.30 පමණ වන විට පිපිරීම් වේගය අඩු වී වරින් වර පමණක් පිපිරුම් හඬ අසෙන බවත් ගින්න ඇතිවූ අවස්ථාවේ කඳවුරේ සිටි රණවිරුවන් හා අසල රණවිරු ගම්මානයේ සිටි පිරිස් ගැන කිසිදු ආරංචියක් නැති බවත් පොලිසිය පවසයි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment