කොස්ගම පිපිරීම: නවතම තොරතුරු (VIDEO)

කොස්ගම පිපිරීම: නවතම තොරතුරු (VIDEO)

කොස්ගම සාලාව හමුදා කඳවුරෙහි ඊයේ (05) සිදු වූ ගින්නත් සමග ඇති වූ පිපිරීම් හේතුවෙන් සිව්දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇති බව බලධාරීන් පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හමුදා සාමාජිකයෙකු බව වාර්තා වන අතර මේ වන විට ගින්න පාලනය කර ගැනීමට හැකිව ඇති බව යුධ හමුදාව පවසයි.

නමුත් කඳවුර තුළ මේ වනවිටත් සුළු පිපිරීම් සිදු වන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

කඳවුර අසල මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පැවසෙන අතර කදවුර අවට පිහිටි ගොඩනැගිලිවලට විවිධ හානි සිදුව ඇතැයි එම ප්‍රදේශයෙන් ලැබෙන පුවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

නමුත් සිදුවූ ජීවිත හා දේපල හානි පිළිබඳ නිවැරදි තොරතුරක් තවමත් නිකුත් කර නොමැත.

පවතින තත්ත්වය හමුවේ ප්‍රදේශවාසීන් දැඩි අසීරු තත්ත්වයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය තවමත් වසා දමා ඇති අතර කළුඅග්ගල මංසන්ධියෙන් එපිටට කිසිදු වාහනයකට ගමන් කිරීමට ඉඩ ලබා නොදෙන බව පැවසේ.

වීඩියෝව පහතින් > > > 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment