කොස්ගම පිපිරීම: කඳවුර තුළ තවමත් සුළු පිපිරීම්

කොස්ගම පිපිරීම: කඳවුර තුළ තවමත් සුළු පිපිරීම්

කොස්ගම සාලාව කඳවුර තුළ තවමත් සුළු පිපිරීම් සිදුවන බව හමුදා ප්‍රකාශකවරයා පවසයි.

කෙසේ වෙතත් මෙම පිපිරීම් පෙර වාර්තා වූ ඒවා තරම් භයානක ඒවා නොවන බව ඔහු අවධාරණය කර සිටියි.

හමුදා කඳවුරේ ඇතුලත තත්ත්වය පිළිබඳව තවමත් පූර්ණ තොරතුරක් ලබා ගත නොහැකි වී තිබේ.

හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ කඳවුරේ සිට වර්ග කිලෝමීටරයක වපසරියෙහි නිවෙස් වෙත නිවැසියන්ට පැමිණීමට තවමත් ඉඩ දිය නොහැකි බව යි.

එනමුත් පොලිස්පතිවරයා සඳහන් කළේ මීටර 500ක් දක්වා අවධානම් කලාපය අඩු කළ බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment