කොස්ගම පිපිරීම: අළුයමත් පිපිරීම් - අවදානම් කලාපය මීටර 500ට අඩු කෙරේ

කොස්ගම පිපිරීම: අළුයමත් පිපිරීම් - අවදානම් කලාපය මීටර 500ට අඩු කෙරේ

කොස්ගම පිපිරීමෙන් පසු වර්ග කිලෝමීටර 6ක් ඇතුලත සිටි ජනතාව වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කළ අතර මේ වන විට එම අවධානම් කලාපය මීටර 500 දක්වා අඩු කර තිබෙන බව වැඩබලන පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

නමුත් මාර්ග විවෘත කිරීමට තවමත් නොහැකි බව යි ඒ මහතා පවසා ඇත්තේ.

මේවන විට ගින්න පාලනය කර ඇතැයි බලධාරීන් පවසන අතර පාසැල්, විහාරස්ථාන ආදී ස්ථානවල ජනතාව රඳවා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අළුයම 2ට පමණත් පිපිරුම් ශබ්දයක් ඇසුණු බව එම ප්‍රදේශයෙන් ලැබෙන ආරංචිමාර්ග පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment