ලංගම සේවකයින් 8000කට කැමැත්තෙන් විශ්‍රාම යාමට අවස්ථාවක්

ලංගම සේවකයින් 8000කට කැමැත්තෙන් විශ්‍රාම යාමට අවස්ථාවක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් 8000කට සිය කැමැත්තෙන් විශ්‍රාමයාමට අවස්ථාවක් ලබාදී ඇති බව වාර්තා වේ.

එම මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත ධනසිරි බාලසූරිය මහතා සඳහන්කළේ ලංගම ප්‍රතිසංවිධාන සැලැස්ම යටතේ මෙම පියවර ගන්නා බවයි.

මෙලෙස සිය කැමැත්තෙන් විශ්‍රාම යන ලංගම සේවකයින් සඳහා වන්දි මුදලක් ලබා දෙන බව ද ඔහු සඳහන් කළේ ය.

ඊට අදාළ චක්‍රෙල්ඛයක් ද ප්‍රවාහන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛයට අනුව ස්වේච්ඡාවෙන් ඉවත්වන්නන් අතරට බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ ඉංජිනේරුවන් අයත් නොවන බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.

මීට අදාළ අයදුම්පත් මෙම මස 30 වනදා දක්වා කැඳවන බව වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment