කොස්ගම ගෙවල් රැසකට හානි - කඳවුරේ පිපිරීමෙන් පසු වීඩියෝව 

කොස්ගම ගෙවල් රැසකට හානි - කඳවුරේ පිපිරීමෙන් පසු වීඩියෝව 

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමත් සමග ගිනි අවි කොටස් සහ උණ්ඩ කොටස් ප‍්‍රදේශයේ තැන තැන විසිරීගොස් තිබේ.  

ප්‍රදේශයේ  නිවාස රැසකට  අලාභ හානි  සිදු වී  තිබේ. ඇතැම්  නිවාසවල වහල හා  බිත්ති කැඩී බිඳී ගොස් තිබේ.

මෝටාර් උණ්ඩ  හා ආයුධ කොටස්  නිවාස අසල තැන තැන දක්නට  ලැබේ. 

ඇතැම් ගිනි අවි කොටස් හෝ උණ්ඩ කොටස් තවමත් සක‍්‍රීය තත්ත්වයේ පැවතීම ඊට හේතුවෙන් එම කොටස් ඇල්ලීමෙන් හෝ ලඟ තබා ගැනීමෙන් වළකින ලෙස යුද හමුදාව ඉල්ලා සිටියි.  

ඇතැම් කොටස් අවට නිවාසවලට වැටීමෙන් හා වැදීමෙන් එම නිවාසවලට ද හානි සිදු වී තිබේ.

මේ හේතුවෙන් සාලාව යුධ හමුදා කඳවුර අවට ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරිමට ද පොලිසිය පියවර ගනු ලැබූ අතර මේ වන විට කඳවුරට කිලෝමීටරයක් දුරින් පදිංචිව සිටි ජනයාට තම නිවෙස්වලට ඒමට අවසර ලබාදී තිබේ.

එසේ වුවද එම නිවෙස්වලට, ගෙමිදුල්වලට යම් යම් අවි ආයුධ කොටස් පතිතවී ඇත්නම් ඒවා ඇල්ලීමට තැත් කිරීමෙන් වැළකී ඒ පිළිබඳ 0113818609/2434251 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස යුද හමුදාව විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment