නුවර මුස්ලිම් පල්ලියේ අනවසර ඉදිකිරීම් නවති,සටන අවසන් නෑ

මහනුවර ඇහැළේපොල කුමාරිහාමි මාවතේ (මුස්ලිම් පල්ලිය පාර) සිටි ප්ලාසා ගොඩනැගිල්ලේ අනවසරයෙන් ඉදිකරමින් පැවති මුස්ලිම් පල්ලියේ කුළුණ ඉදිකිරීම නවත්වන ලෙස මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා විසින් පල්ලියේ භාරකරුවන් වෙත ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා.

ශ්‍රී දළදා මාළිගයේ ගෞරවය ආරක්ෂා කිරීම සදහා ඊට ඉහළින් පිහිටන සේ ඉදිකිරීම් නොකිරීමට මහනුවර නගර සභාව විසින් අනුගමනය කළ නීතිමය සම්ප්‍රධාය බිද දමමින් අනවසරයෙන් මෙම පල්ලියේ කුළුණ ඉදිකර ඇත. ශ්‍රී දළදා මාලිගාවට වඩා උසින් පිහිටන පරිදි රන් ආලේපිත මුදුන් හිස එහි සවීකිරීමට සෙනසුරාදා රාත්‍රියේ සූදානම්ව සිටි අතර පසුව රවූෆ් හකීම් ඇමතිවරා විසින් ඊයේ (ඉරිදා) දිනයේ එය විවෘත කිරීමට නියමිතව තිබුණා. මතුවූ විරෝධය හේතුවෙන් එය තාවකාලිකව අකුලා ගැනීමට පල්ලිය විසින් කටයුතු කර තිබෙනවා.

මෙලෙස බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේගේ ගෞරවයට හානි කරමින් සිදු කරන්නට ගිය අන්තවාදී ක්‍රියාවට එරෙහිව භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ ‘සිංහලේ ජාතික බලමුළුව’ ඊයේ එම පල්ලිය අසලදී විරෝධතාවක නියැළුණු අතර ඔවුන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස නාගරික කොමසාරිස්වරයා විසින් තහනම් නියෝගය පණවා තිබෙනවා.

අදාල පල්ලිය ඉදිකර තිබෙන්නේද මල්වතු මහා විහාරයට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පවරා දෙනු ලැබූ පූජා භූමි ඉඩමකයි.

KANDY_LETTER

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment