දෙමළ සන්ධානය ජිනීවා යයි

දෙමළ සන්ධානය ජිනීවා යයි

ශ්‍රී ලංකාව තුළ යුද්ධය පැවති සමයේ යුධ අපරාධ සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා ජීනිවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරන බවත් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරය ජුනි 13 වැනිදා සිට ජුලි මස පළමු වැනිදා දක්වා ජීනිවා නුවර දී පැවැත්වෙන අතර අදාළ සැසිවාරය අතරතුර දී තම ඉල්ලීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා කියාසිටී. 

මෙම සැසිවාරය සඳහා උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි ශෂිදරන් මහත්මිය ද තමා සමග මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට එක්වන බව එම්.කේ.ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා සදහන් කරයි.

ශිවාජිලිංගම් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ මෙරට සිදුවූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් විදෙස් විනිසුරුවන්ගේ සහභාගීත්වයෙන් මෙරට තුළ පරීක්ෂණයක් පැවැත්වීමට මානව හිමිකම් කවුන්සිලය කළ යෝජනාව සඳහා ශ්‍රී ලංකා රජය එකඟතාව පළ කළ ද මෙතෙක් එය ක්‍රියාත්මක කර නොමැති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment