වාහන රැසක් රේගුවේ ගොඩගැසේ

වාහන රැසක් රේගුවේ ගොඩගැසේ

දිවයිනට ගෙන්වන ලද වාහන විශාල සංඛ්‍යාවක් නිශ්කාශනය කර ගැනීමට නොහැකිව රේගුවේ සිරවී ඇති බව වාර්තා වේ.

රජය මගින් වාහනවල වටිනාකම ගණනය කිරීම සම්බන්ධයෙන් වූ නව ගැසට් පත‍්‍රය මෙතෙක් නිකුත් නොකිරීම ඊට හේතුවයි.

පසුගියදා රජය විසින් වාහන ආනයනයට බලපැවැත්වෙන පරිදි බදු ඉහළ දැමීමක් සිදුකළේය. 

මුදල් අමාත්‍යංශය විසින් එම ගැසට් පත‍්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති නමුත් එහි සෝදුපත් පරීක්ෂා කිරීම සඳහා එය යළි මුදල් අමාත්‍යංශය වෙත ගෙන්වාගෙන තිබේ.

එ් හේතුවෙන් මේ වනවිටත් ගැසට් පත‍්‍රය නිල වශයෙන් මුද්‍රණය කිරීමක් සිදුව නොමැති බව වාර්තා වේ.

එබැවින් දැනට ගෙන්වා ඇති වාහන නිදහස් කළ යුත්තේ කුමන බදු ක‍්‍රමය යටතේද  යන්න පිළබඳව රේගු දෙපාර්තමේන්තුව ගැටලුවකට මුහුණ දී තිබේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment