ගෝඨාභය දේශපාලනයට පැමිණීම ගැන ෆොස්සේකා කතාකරයි

ගෝඨාභය දේශපාලනයට පැමිණීම ගැන ෆොස්සේකා කතාකරයි

ජෝන් සෙනෙවිරත්න මහතා වර්තමාන රජයේ ඇමතිවරයෙක් ලෙස සිටියද වගකීම් රහිතව කටයුතු කරන බවත් මෙරට ලක්ෂ 62ක් පමණ වූ ජනතාව පෙරලියක් කොට බිහිකල නව රජය තුළ හිඳිමින් ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකු නැවත ප්‍රබලයෙකු කිරීමට ඔහුට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන නායකයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කම්කරු සහ වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව් .ඩී.ජේ සෙනෙවිරත්න මහතා  කළ  ප්‍රකාශය සම්බන්ධව  අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියේ ය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ , “ ජෝන් සෙනෙවිරත්න ඇමතිතුමාටත් වෙලා තියෙන්නේ එයාට තනියම ඡන්දයක් හදාගන්න බැරුව ඇති. එයා කාගේහරි එල්ලිලා කූඩැල්ලෙක් වගේ ගොඩවෙන්න හදන මානසිකත්වයක ඉන්නවා කියලයි මට හිතෙන්නේ” ලෙසයි.

මීට අමතරව ඉදිරි මැතිවරණවල දී ද තමා ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව කටයුතු කරන බව ද සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඊයේ (05) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මහනුවර - කමල් සුරවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment