හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයේ පිහිටි දැදුරුඔය සහ ලුණුඔය පාලම් දෙක අතර පිහිටි පාලමක් ගිලා බැසීමේ තර්ජනයකට ලක්ව තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ නම් කිරීමට අනුව 80/1දරණ මෙම පාලම පසුගිය දිනවල ඇදහැලුණු වර්ෂාවත් සමඟ දැදුරුඔය පිටාර ගැලීම නිසා කැඩී ගොස් ඇත.
කොළඹ සහ යාපනය අතර ගමනා ගමන කටයුතු සිදු කරන ප්‍රධානතම මාර්ගය වන මෙම මාර්ගයේ දිනපතා විශාල වාහන ප්‍රමාණයක් ධාවනය වේ.
අප වාර්තාකරු සඳහන්කළේ දැදුැරුඔය පිටාර ජලය හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගය හරහා ගලා යාම හේතුවෙන් මෙම ස්ථානය කැඩී යාම ආරම්භ වූවද ඊට කිසිදු පිළියමක් සිදුකර නොමැති බවයි.
මේ වනවිට පාලම දෙපස ස්ථාන කිහිපයක්ම පුපුරා ගොස් ඇති බවත් ඒ අසල මාර්ගය මීටර් ගණනාවක් යනතුරු කැඩී විනාශ වී ඇති බවත් වාර්තා වේ.
පවතින තත්ත්වය නිසා කුමන අවස්ථාවක හෝ මෙකී පාලම කඩා වැටුනහොත් හෝ ගිලා බැසීමක් සිදු වුවහොත් කොළඹ - යාපනය අතර ගමනා ගමන කටයුතු වලට ද බාධා එල්ල විය හැකි බවට ද සඳහන් වේ.
ඡායාරූප පහතින්.
පුත්තලම - ජූඩ් සමන්ත
0 comments :
Post a Comment