ගාල්ල වක්වැල්ල පාරේ පිහිටි සිව්මහල් කාර්යාල සංකීරණයක් තුළ අද(06) පෙරවරු 10.00ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.
මේ වනවිට ගාල්ල මහනගර සභා ගිනි නිවන ඒකකයේ මැදිහත්වීම මත ගින්න සම්පූර්ණයෙන් නිවා දමා ඇති බව වාර්තා වේ.
මෙම කාර්යාල සංකීර්ණය තුළ මූල්‍ය ආයතන ශාඛාවක්, දුරකතන සමාගමක කාර්යාලයක්, රක්ෂණ සමාගමක කාර්යාලයක් පවත්වාගෙන යනු ලබයි.
ගාල්ල නාගරික ගිනි නිවන ඒකකයේ ප්‍රකාශකයෙකු කියාසිටියේ මෙම කාර්යාල සංකීර්ණයේ විදුලි ජනන කාමාරය තුළ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.
ගින්නෙන් ආයතනයේ විදුලි ජනන යන්ත්‍රාගාරයට හානි සිදුව ඇති බව වාර්තා වේ.
ගින්න හටගත් අවස්ථාවේ ගාල්ල පොලීසිය විසින් ගාල්ල - වක්වැල්ල මාර්ගයේ අදාළ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය නතර කර ඇති අතර ගින්න නිවා දැමීමෙන් අනතුරුව යළි මාර්ගය විවෘත කර තිබේ.
ඡායාරූප පහතින්.
ගාල්ල - ලලිත් චාමින්ද
0 comments :
Post a Comment