හිටපු එස්.ටී.එෆ් ලොක්කෙක් රජයේ වාහන අවභාවිතා කරලා

හිටපු එස්.ටී.එෆ් ලොක්කෙක් රජයේ වාහන අවභාවිතා කරලා

පොලිස් විශේෂ කාර්ය බලකයේ හිටපු සේනාවිධායකවරයෙක් කරනු ලැබූ රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

විශ්‍රාමික නියෝජ්‍ය ‍පොලිස්පති කේ.එම්.එල්. සරච්චන්ද්‍ර මහතා සම්බන්ධයෙන් එම විමර්ශනය ආරම්භ කර ඇති අතර ප්‍රශ්න කිරීම සඳහා ඔහුව විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

‍පොලිස් විශේෂ කාර්ය බලකායෙන් 2013 වසරේදී ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ යම් තනතුරක් ඔහුට හිමිව ඇතැයි ‍පොලීසිය පවසයි.

ඒ අනුව ඔහු එතෙක් පරිහරණය කළ ‍පොලිස් විශේෂ කාර්ය බලකායේ මෝටර් රථය ඇතුළු තවත් වාහන කිහිපයක් රැගෙන ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

2015 ජනවාරි 09 වෙනිදා ආණ්ඩු පෙරළියත් සමග එම තනතුරු අහෝසි වී ගියත්, වාහන භාර නොදී කාලයක් පරිහරණය කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget