මහින්දානන්දගේ පුත් කනිෂ්කත් බීලා ඩ්‍රයිව් කර පොලිසියට හසුවේ



දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ පුත් කණිෂ්ක අලුත්ගමගේ ඊයේ 24 රාත්‍රී
බීමත්ව රිය පැදවීමේ චෝදනාවට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අපරික්ෂාකාරී ලෙස කිරුළපන නුගේගොඩ ප්‍රදේශයේදී රිය පදවමින් සිටියදී පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇත. පසුව සිදු කළ බැලුම් පුම්බන පරීක්ෂණයේදී ඔහු මද්‍යසාර ලබාගෙන ඇති බවට තහවුරුවු බව පොලිස් ආරංචි හෙළි කරයි. පසුව කිරුළපන පොලිසියේ රාත්‍රිය ගත කළ ඔහු අද උදෑසන  පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කර  ඇත්තේ හෙට(26) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැන්වීමෙන් අනතුරුවයි.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget