සී.එස්.එන් නාලිකාව පවත්වාගෙන යන බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි සය මහල් ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
පසුගිය අඟහරුවාදා පැවති නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.
එම නාලිකාව පවත්වාගෙන යන බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි පර්චස් 30ක් පමණ වන ඉඩම 2003 වසරේදී අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් ඉඩමේ වටිනාකමින් සියයට 0.25ක ප්‍රතිශතයක් ගෙවීමේ පදනම මත නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාගෙන තිබේ. එහෙත් එම ඉඩම අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් යොදානොගෙන 2006 වසරේ සිට ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගෙන ඇති බව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනාවරණ වී තිබේ.
ඒ අනුව එම ඉඩම වෙනුවෙන් සී.එස්.එන් නාලිකාවෙන් ඉඩමේ වටිනාකමින් සියයට 4ක ප්‍රතිශතයක් නාගරික සංවර්ධන අධිකාරියට ලැබිය යුතු වුවත් එම මුදල ලැබී නොමැති බව හෙළිවී ඇතැයි වාර්තා වේ.
සී.එස්.එන් නාලිකාවේ ගිණුම්වල ඇති රුපියල් මිලියන 157ක් සහ බාහිර විකාශන බස් රථය (O.B BUS) අධිකරණ නියෝගයකින් මීට පෙර රාජසන්සත කර තිබිණි.
0 comments :
Post a Comment