පෞද්ගලික සමාගම් දෙකක ආයෝජනය කිරීම නිසා රුපියල් හාරකෝටි විසිලක්‍ෂයක පාඩුවක් සේවක අර්ථසාධක අරමුදලට සිදුව ඇතැයි ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහන් කර තිබේ.
කෙසේ නමුත් මෙම මුදල් රජයේ මුදල් නොවන අතර රජයට සම්බන්ධ සමාගම් දෙකක මුදල් බව වාර්තා වේ. පාර්ලිමේන්තුවට පසුගිය 22 වනදා ඉදිරිපත් කළ එම කාරක සභා වාර්තාව මගින් සේවක අර්ථසාධක අරමුදල විසින් සිදුකර ඇති ගනුදෙනු කිහිපයක් පිළිබඳ අරමුදලේ ප්‍රධානීන්ගෙන් කළ විමසුමේදී මේ බව සඳහන් කර තිබේ.
එම වාර්තාවට අනුව රුපියල් මිලියන 1.6 ක් පමණ වන මෙම අරමුදලේ අභ්‍යන්තර විගණන කටයුතු මහ බැංකුව විසින් පෞද්ගලික ආයතනයක් හරහා සිදුකිරීම පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීමේදී ප්‍රමාණවත් ආරක්‍ෂාවක් යොමුකිරීම මෙන්ම කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන කටයුතු ප්‍රමාණවත් නොවීම පිළිබඳව ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ප්‍රශ්න කර තිබේ.
අරමුදල වෙත විවිධ ආයතනවලින් ලැබුණු රුපියල් බිලියන 3.5 ක මුදල් සාමාජිකයන්ගේ ගිණුමේ තැන්පත් නොකර පොදු තැන්පත් ගිණුමක තැන්පත් කර ඇති බව ද කාරක සභා වාර්තාවෙන්ම අනාවරණය කර ඇත.
මේ අතර සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු සඳහා මහ බැංකුවෙන් අනුයුක්‌ත කළ නිලධාරීන්ගේ උපයන විට ගෙවීමේ බද්ද ද සේවක අර්ථ සාධක අරමුදලෙන් ගෙවා ඇතැයි ද එම වරප්‍රසාද කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලබා නොදීම ගැන ද ප්‍රශ්න කර ඇතැයිද වාර්තා වේ.
මීට අමතරව සේවක අර්ථසාධක අරමුදල මගින් රුපියල් බිලියන හයක මුදලක් ප්‍රසාද දීමනා ලෙස ගෙවීමට ගෙන ඇති තීරණය පිළිබඳව ද වාර්තාව මගින් අනාවරණය කර ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment