පොලිස් අණ නොතැකූ ආබාධිත රණවිරුවන්ට කඳුළු ගෑස්


තමන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පසුගිය දිනවල උද්ඝෝෂණයක හා උපවාසයක නිරතවූ ආබාධිත රණවිරුවන් පිරිසක් නිසා අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට
කලබලකාරී තත්වයක් ඇති වුණා.

අද උදෑසන ඔවුන් විරෝධතා පා ගමනක් යන්නට හදන බැවින් එය අත්හිටුවන්නැයි ඉල්ලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න ප‍්‍රතික්‍ෂෙප කර තිබුණ අතර පසුව ඔවුන් පෙර සැලසුම් කළ පරිදි පාගමනේ යෙදී ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට පිවිසෙන්නට උත්සාහ කර තිබේ.
පොලිසිය පැවසුවේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට මෙම අවස්තාවේ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරන්ට සිදුවූ බවයි.
 තත්ත්වය පාලනය කිරීමට වෙන කළ හැකි දෙයක් නොවුණ බවද පොලිසිය පැවසුවා.
ආබාධිත රණවිරුවන් මුහුණ දෙන විශ‍්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති කෝප‍්‍රල් යූ.ඞී. වසන්ත ප්‍රමුඛ පිරිස මෙම විරෝධතාව සංවිදානය කර තිබුණි. මේ නිසා කොළඹ ලෝටස් පාරද අද තාවකාලිකව වසා දමන්නට සිදුවිය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment