15 ක් කැටුව ජනපති මැලේසියාවට

15 ක් කැටුව ජනපති මැලේසියාවට

 

පහලොස්දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග ජනපති මෛත්‍රිපාල සිරිසේන තෙදින නිළ සංචාරයක් සඳහා අද දිනයේ මැලේසියාව බලා පිටත්ව ගොස් තිබේ.
 
මැලේසියානු රජයේ නිළ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි.
 
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආර්ථික හා වෙළෙඳ සබඳතා වැඩිදියුණු කරගැනීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරයේ අරමුණයි.
 
දෙරට ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් සහභාගීවන වෙළෙඳ සමුළුවකට ද අද දිනයේ ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිතය.
 
ශ්‍රී ලංකා - මැලේසියානු තානාපති සබඳතා අරඹා වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සංවත්සර උත්සවයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
 
මෙම සංචාරය තුළදී ද්වීපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට ද එළඹීමට නියමිතය.
 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment