මම ඒකාබද්ධ අලුත් පක්ෂෙට එක්වන්නෙ නෑ- මට පක්ෂයක් නෑ- තිස්ස අත්තනායක


තමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තනතුරක් ලබා ගෙන එම පක්ෂය හා එක්වීමට සූදානමින් පසුවන බවට රාවයක් පැතිර ගියද එහි කිසිදු සත්‍යතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය.
විශේෂ ප්‍රකාශයක් කළ

ඒ මහතා සඳහන් කෙළේ මේ වන විට තමාට විවිධ දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ එක්වන්නැයි ආරාධනා දිගින් දිගටම ලැබෙමින් පැවැතියද ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවය.
තමාගේ ජීවිතය බැඳී ඇත්තේ දේශපාලනය සමඟ බැවින් ඉදිරියේදී යම් දේශපාලනමය තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් පැවැතුණත් තවමත් එම අවස්ථාව එළැඹී නොමැති බවත් සඳහන් කෙළේය.

මහනුවර - කමල් සුරවීර

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment