අගරදගුරු තුමන්ගේ ඉල්ලීම ඉටුවේ - ගොල්ෆේස් නත්තල් ගස නවතී


මුදල් නාස්තියක් බවට විවේචන පළවූ ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් තිබූ නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු නැවැත්වීමට ඇමති අර්ජුන රණතුංග තීරණය කරන ලදැයි
වරාය නියෝජ්‍ය
ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසා ඇත. මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් අද පස්වරුවේ සිදු කිරීමටද නියමිතය.
නත්තල් ගස සඳහා වියදම් කරන මුදලින් දිළිඳු ජනතාවට සහනයක් සැලසූවානම් හොඳ යැයිද දැන් හෝ එය නවතා බෝඩ් එකක් ගසා ඒ බව දන්වා ඉතිරි මුදල් සුබසාධනයට යොමු කරන ලෙසද අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයෙන් පසු මෙය සිදුවී ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment