සීගිරි පර්වත පරිශ්‍රයට සීසීටීවී කැමරා


සීගිරි පර්වතය අවට සීසීටීවී කැමරා පද්ධතියක්‌ සවි කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඊයේ (7 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයේ

ආරක්‍ෂාව සඳහා මෙම කැමරා පද්ධතිය සවි කිරීමට සැලසුම් කර ඇතැයි කී ඇමැතිවරයා ඒ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයිද කීය.
එක්‌සත් ජාතික පක්‍ෂයේ මාතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමැතිවරයා මේ බව කීවේය.
සීගිරිය පරිශ්‍රයට ඇතුළුවන සංචාරකයන් ප්‍රවේශපත්‍ර නොගැනීම මෙන්ම එහි සිදුවන වෙනත් අකටයුතුකම් සඳහා ගන්නා ක්‍රියා මාර්ග මොනවාදැයි මන්ත්‍රීවරයා විමසුවේය. සීගිරිය විනාශ කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බවද සීගිරියට ප්‍රවේශ වීමේදී ලබා ගන්නා ප්‍රවේශපත්‍රය ඉලෙක්‌ට්‍රොනික ටිකට්‌ පතක්‌ ලෙස ලබාදීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කීවේය.


(අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ)
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment