අලුත් ව්‍යවස්ථාව හැදුවොත් පවුලම මරා දමනවායි ජයම්පතිට තර්ජන


ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්‌ඩලයේ කළමනාකරණ කමිටු සම සභාපති එජාප මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට එම ක්‍රියාවලියෙන් ඉවත් නොවුණොත් පවුලේ සියලු දෙනා සමඟ තමා මරා දමන බව කියමින් දුරකථනය ඔස්‌සේ පෙරේදා (06 දා) කිසියම් පුද්ගලයකු මරණ තර්ජන එල්ල කර තිබේ.

ෙවරප්‍රසාද ප්‍රශ්නයක්‌ මතු කරමින් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඒ ගැන පාර්ලිමේන්තුවට මෙසේ කීවේය.

කිසියම් තැනැත්තෙක්‌ පසුගිය 06 වැනිදා දුරකථනයෙන් කතා කර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ මගේ කාර්යභාරය සඳහන් කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණා.
මා මේ ක්‍රියාවලියෙන් ඉවත් නොවුණොත් පවුලේ සියලු දෙනා සමඟ මා මරා දමන බවට තර්ජනය කළා.
මේ සම්බන්ධව මම වැලිකඩ පොලිසියට පැමිණිල්ලක්‌ කළා. පාර්ලිමේන්තු මට්‌ටමින් තවදුරටත් පරීක්‍ෂණ කරන ලෙසට ඉල්ලා සිටිනවා. මතවාදීව අපට මුහුණ දෙන්න බැරි බියගුල්ලෙක්‌ කළ ක්‍රියාවක්‌. ලංකා සමසමාජ පක්‍ෂයෙන් දේශපාලන ව්‍යාපාරය ආරම්භ කර හැදී වැඩුණු අප මෙවැනි තර්ජනවලින් බිය ගන්වන්න බෑ. ජාතික වශයෙන් ආරම්භ කර තිබෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය මෙවැනි තර්ජන හමුවේ නතර කරන්නේ නෑ .
සිද්ධිය සම්බන්ධව පොලිස්‌පතිවරයා මගින් විධිමත් පරීක්‍ෂණයක්‌ කිරීමට නියෝග කරන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment