බස් වර්ජනයදා තුවාල ලැබූ හමුදා සෙබළා සුව අතට

බස් වර්ජනයදා තුවාල ලැබූ හමුදා සෙබළා සුව අතට

පෞද්ගලික බස් රථ වර්ජනය පැවති දිනයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයකට එල්ල වු ගල් ප්‍රහාරයකින් තුවාල ලැබු යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයාගේ තත්ත්වය මේ වන විට යහපත්  බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මොහන්දිරම් මහතා ප්‍රකාශ කළේ අදාළ යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයාට ඊයේ (06) දිනය දක්වාම කෘතිම ශ්වසනය ලබාදීමට කටයුතු කළ බවයි.

කෙසේවෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ බැවින් ඊයේ පෙරවරුවේ කෘත්‍රිම ශ්වසනය ලබාදිම නතර කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේය.

පෞද්ගලික බස් රථ වැඩ වර්ජනය පැවති පසුගිය 02 වැනිදා අදාළ යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා යාපනයේ සිට මහනුවර බලා ධාවනය වු ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක ගමන් කරමින් සිටියදී බස් රථයට එල්ල වු ගල් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment