ප්‍රවීණ සංගීතවේදී සුනිල් දයානන්ද කෝනාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගාතුරව දින කිහිපයක සිට රෝහල්ගත කර සිටි ඒ මහතා අද (07) අලුයම 4.30 ට පමණ දඹදෙණිය රජයේ රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 64 කි.
කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන නිල් දියවර, සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන මහ වැස්සක් බිමට හෙළා, නන්දා මාලිනී මහත්මිය ගායනා කරන වහින්නට හැකිනම් වැනි ජනප්‍රිය ගීත ගණනාවක සංගීත තනු නිර්මාණ ශිල්පියා වූයේ සුනිල් දයානන්ද කෝනාර මහතායි.
0 comments :
Post a Comment