ජාත්‍යයන්තර ප්‍රමීතීන්ට අනුව ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම යටතේ මෙරට මගී ජනතාවගේ පහසුව සඳහා මාර්ගයේ මුද්‍රිත පදික මාරුවේ කහ පැහැති වර්ණය සුදු පැහැයට හැරවීමට රජය පියවර ගෙන තිබේ.
එහි ආරම්භක අවස්ථාව පසුගියදා කොළඹ ග්‍රීන්පාත් හී දී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මේ අනුව දිවයින පුරා ඇති සියලු කහ ඉරි වසර දෙකක් තුළ සුදු ඉරි බවට පත්කිරීමට පියවර ගෙන ඇත.
කහ ඉර - සුදු ඉර බවට පත්කිරීමෙන් පසු, සුදු ඉරක පාර මාරු වුනු මෙරට ප්‍රථම පදිකයා වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කොළඹ ග්‍රීන්පාත් හී සුදු ඉර හරහා ගමන් කළේය.
"කහ ඉරි" "සුදු ඉරි" බවට පත් කිරීම 2015 අංක 02 දරන මෝටර් වාහන (සලකුණු, සංඥා සංකේත හා මාර්ග ලකුණු කිරීම්) නියෝග අනුව සිදු කෙරේ.
2015 නොවැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත මෙම නියෝගයන්හි 26(2) වගන්තියේ දැක්වෙන්නේ නිශ්චිතව නියෝගයන්හි සඳහන් නොවන අන් සෑම මාර්ග ලකුණු කිරීමකම වර්ණය සුදු පැහැති විය යුතුය.
කහ පැහැයට වඩා සුදු වර්ණය දහවල් හා රාත්‍රි කාලයේදී දීප්තිමත්ව පෙනීම මෙම වෙනසට හේතුව බව වාර්තා වේ.
0 comments :
Post a Comment