වහින්නට හැකිනම් ගිගුම්දී - සුනිල් දයානන්ද කෝනාර සමුගනී

කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ‘ගමට කලින් හිරු’,සුනිල් එදිරිසිංහ ගායනා කරන ‘මහ වැස්සක් බිමට හෙළා’,නන්දා මාලිනී ගයන ‘වහින්නට හැකිනම්’වැනි
ජනප්‍රිය ගීත ගණනාවක පද රචනය හා සංගීත තනු නිර්මාණ ශිල්පියා වූ විශාරද සුනිල් දයානන්ද කෝනාර මහතා 64 වන වියේදී අද අභාවප්‍රාප්ත වුණා.
දින කිහිපයක සිට රෝගාතුරුව රෝහල්ගත කර සිටි හෙතෙම අද (07) අලුයම 4.30 ට පමණ දඹදෙණිය රජයේ රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා විය.
ගිරිඋල්ල වික්‍රමශිලා විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු වශයෙන් ඔහු දීර්ඝ කාලීන සෙවයක නිරතවී විශ්‍රාම ලබා සිටියේය.2006 වසරේ රාජ්‍ය සම්මානද දිනා ගත්තේය.
දඹදෙණිය,මුතුගල පිහිටි නිවසට දේහය රැගෙන යාමට නියමිතය. දේහය පිළිබඳ අවසන් කටයුතු 10 වන සෙනසුරාදා සවස 4.00ට දඹදෙණිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව පවුලේ ඥාතීන් දන්වා සිටී.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment