සීගිරිය ආරක්ෂා කිරීම සඳහා සී. සී. ටී. වී කැමරා පද්ධතියක් සවි කිරීම සඳහා වැඩපිළිවෙලක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී සීගිරිය සම්බන්ධයෙන් මතු කළ වාචික ප්‍රශ්නයක් මතු කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යාවරයා මෙසේ පැවසී ය.
කැමරා සවි කිරීමේ වැඩපිළිවෙල ප්‍රසම්පාදන මට්ටමේ පවතින බවද සීගිරිය විනාශ කිරීමට කිසිවිටෙක ඉඩ නොතබන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
තවද සීගිරිය නැරඹීමට මේ වනවිටත් ඉලෙක්ට්‍රොනික් ටිකට්පත් හඳුන්වාදීමට කටයුතු කර ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්ථාන ආරාක්ෂා කිරීමට උපරිම පියවර ගෙන තිබෙන බවත් පුරාවිද්‍යා ප්‍රධාන වැඩබිම් සඳහා මුරකරුවන්ද යොදව තිබෙන බවත් ප්‍රකාශ කළේ ය.
0 comments :
Post a Comment