කොළඹ ගාලූ මුවදොර පිටියේ ඉදිවෙමින් තිබූ ලොව උසම නත්තල් ගසේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
පසුගිය අගෝස්තු මස 18 වැනිදා එම නත්තල් ගසෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.
වරාය අධිකාරියේ සේවකයින් 70 දෙනෙකුගේ පමණ ශ්‍රම දායකත්වයෙන් ඉදිවු මෙම නත්තල් ගස ඉදිකිරීමට වැයවන මුදල රුපියල් එක්කෝටි විසිලක්ෂයකට ආසන්න මුදලක් වී තිබේ.
එලෙස විශාල ධනස්කන්ධයක් වැය කරමින් ඉදිකෙරෙන ජනතාවට ප‍්‍රයෝජනයක් නොමැති මෙම නත්තල් ගස පිළිබඳව ඊයේ (06) කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද විවේචනාත්මක අදහස් පළ කළේය.
ඒ අනුව මාධ්‍ය මගින් සහ කතෝලික පියවරුන්ගෙන් එල්ල වූ විවේචන හේතුවෙන් එම ඉදිකිරීම් තාවකාලිකව නතර කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment