ලොතරැයි මිල ඉහළ දැමීමට එරෙහිව ආරම්භ කළ වර්ජනය හේතුවෙන් ආණ්ඩුවට රුපියල් කෝටි දෙක හමාරකට වැඩි මුදලක් පාඩු වී ඇති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පවසයි.
තමන් ආරම්භ කළ වර්ජනය අද තෙවැනි දිනටත් සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක වන බව එහි සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පෙන්වා දෙයි.
පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මුදල් අමාත්‍යවරයා සහ ලොතරැයි මණ්ඩලයේ බලධාරීන්ගේ සාකච්ඡාවක් ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට ද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
වර්ජනය පිටුපස දේශපාලන බලපෑමක් නොමැති බවත් තමන්ට ලැබිය යුතු අයිතීන් සඳහා දේශපාලන භේදයකින් තොරව සියලු දෙනා සටන් කරන බවත් ක්‍රිෂාන්ත මහතා අවධාරණය කළේය.
මිල වැඩි කිරීමට එරෙහිව ගාල්ල, පානදුර සහ මාතලේ ප්‍රදේශවල විරෝධතා පැවැති අතර කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී අධිෂ්ඨාන පූජාවක්ද පැවැත්විණි.
0 comments :
Post a Comment