කාලගුණය හෙට සිට යළි වෙනස් වෙයි

කාලගුණය හෙට සිට යළි වෙනස් වෙයි

දිවයිනට බලපා තිබූ වැසි සහිත කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහළ යන බවත් හෙට දිවයිනේ බොහෝ ප්‍රදේශ සඳහා වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම හෙට දිනයේදී දිවයිනේ උතුරු අර්ධගෝලයේ උදෑසන හා රාත්‍රී කාලයේදී සීතල කාලගුණයක් අපේක්ෂා කළ හැකි බවත් එය දින කිහිපයක් පවතින් ඇති බවත් අද (31) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙයි.

කෙසේ වෙතත් හෙට දිනයේදි දකුණු පළාතේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල උදෑසන කාලයේදි මිහිඳුම් තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment