අර්ජුන් මහ බැංකු අධිපති කාලේ එකම වේලාවක තැන් දෙකක හෝටල් බිල් ආණ්ඩුවට ගෙවන්න දාලා


හිටපු මහ බැංකු අධිපතිවරයා සිය තනතුර දරන සමයේදී එකම රාත්‍රියක ඉන්දියාවේ හෝටල් දෙකක නවාතැන්
ගෙන තිබෙන බව අභ්‍යන්තර විගණන වාර්තාවකින් හෙළිකරගෙන ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.
පසුගිය මාර්තු 16 වැනිදා ඉන්දියාවේ සමුළුවකට සහභාගි වී එකම රාත්‍රියේ හෝටල් දෙක ගත කර මහ බැංකුවට රුපියල් 106,102 ක මුදලක් අහිමි කර තිබෙන බවද එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.


මේ අනුව එක් හෝටලයකට රුපියල් 59,381 ක මුදලකුත්, තවත් හෝටලයකට රුපියල් 46,721 ක මුදලකුත් ඉන්දියානු රුපියල්වලින් ගෙවා තිබෙන බවද අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

( එච්.අයි.තුෂාර )



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment