දරුවන්ට ගහන්න එපා කියමින් පේරා වෙද සිසු මාපියන් විරෝධතාවයක


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යක්‍රියාකාරී කමිටුව සහ වෛද්‍යශිෂ්‍ය දෙමාපිය එකමුතුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (05දා) දහවල් ගලහ මංසන්ධියේදී පැවැත්විණි.

වෛද්‍යශිෂ්‍ය ක්‍රියාකාරීකමිටුව විසින් පසුගියදා(02දා)සංවිධානය කර තිබූ සයිටම් විරෝධී පාගමනට ආරක්ෂක අංශය විසින් අමානුෂික ලෙස පහරදීමට විරෝධය පළකරමින් වෛද්‍යශිෂ්‍ය දෙමාපිය එකමුතුව විසින් මෙම විරෝධතාව පවත්වන ලදී.

විරෝධතාවේදී දෙමවුපිය එකමුතුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හා රජරට විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්ය වෛද්‍ය එච්. ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින  රටක  දෙමවුපියන්ට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ළමයින් ඇතුළත් කර අධ්‍යාපනය ලබාදීමට තරම් හැකියාවක් නොමැති බවයි.

ඒ හේතුවෙන් අඩු ලකුණු මත බිහිවනප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් රටේ සංවර්ධනයට රුකුලක් නොවන බවත්,පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කර සිසුන්ට අගතියක් නොවන ලෙස කටයුතු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(පේරාදෙණිය සෙනරත් බණ්ඩාර)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment