යාචකයා මැරූ ප්‍රොෂෙ හිමිකරු කෝටිපති මොහොමඩ් සතියක් හිරේ


පසුගියදා කොළඹ විජේරාම මාවත හන්දියේදී යාචකයෙකු මරා දමා පළාගිය ප්‍රොෂෙ වර්ගයේ මෝටර් රථයේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රිමාන්ඩ් භාරයේ තබන්නට විනිසුරු තීරණය
කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුනේ 79/7 හෝර්ටන් පෙදෙස කොළඹ 7 පදිංචි මොහොමඩ් සුල්පිකාර් මොහොමඩ් ගවුස් නමැති වරලත් ගණකාධිකාර කෝටිපති ව්‍යාපාරිකයාය.
ඔහුගේ රථයට පසුගිය 26 වනදා යාචකයා හැප්පීමෙන් පසු වාහනය නොනවත්වා ධාවනය කළාක් මෙන්ම සිදුවීම පොලිසියෙන් වසන් කිරීමේ අරමුණින් අබලන්වූ වාහනය දෙහිවල ඇන්ඩර්සන් පාරේ ගරාජයක රෙදිවලින් වසා සඟවා තැබීමේ වරදද සිදු කර තිබේ.
කේ.එල් 1144 දරන රතු පැහැති සුඛෝපභෝගී ප්‍රොෂෙ වර්ගයේ මෝටර් රථය කොළඹ ප්‍රෙද්ශයේ පදිංචි කරුවන් කිහිප දෙනෙකුට පමණක් සතුවීම නිසා අංක අපැහැදිලිවූ සීසීටීවී දර්ශන තිබුණත් ඔහුව අල්ලාගන්නට පොලිසියට හැකිවිය.
සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව මෙතැනින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget