රොෂාන් කැමතිම ගීතය උන්මාද සිතුවම්

පසුගිය සති අන්ත පුවත්පතකින් ටෙලි නළු රොෂාන් පිලපිටියගේ කැමතිම ගීත පහ නම් කරන්නැයි දන්වා තිබූ අතර එහිදී ඔහු තෝරාගත් කැමතිම ගීත 5 අනුපිළිවෙලින් මෙසේය.

1.උන්මාද සිතුවම්
2.ඉරට අකීකරු
3.සිහින ලොවක්
4.දෛව යෝගයකින්
5.යොවුන් වසන්තේ

රොෂාන් කැමතිම ගීතය වූ ගුණදාස ගපුගේගේ උන්මාද සිතුවම් ඝීතයේ පදවැල මෙසේය.

උන්මාද සිතුවම් මැවී පෙනේ
මීදුම වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම්ගේ

දහසක් මල් මැද එකම

මලයි පැතුවේ
එමල කිමද සරදම් කොට සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම්ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළඟ පමණි උරුමේ
හඞා වැටෙන් සිත සදාසරණ මට
තනිවේවි එක්ටැම්ගේ

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කොට සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම්ගේ


(ගායනය -ගුණදාස කපුගේ -පද-මහාචාර්ය සුනිල් ආරියරත්න - සංගීතය -සරත් දසනායක)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget