2017 IPL අවසන් සටන අද

2017 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැත්වෙනවා. ඒ, රෝහිත් ශර්මාගේ මුම්බායි ඉන්දියන්ස් සහ ස්ටීවන් ස්මිත්ගේ රයිසින් පූනේ කණ්ඩායම
අතරයි.
මුම්බායි
ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරනවා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග මූලික වටයේ පැවති තරග දෙකම ජය ගැනීමට රයිසින් පූනේ කණ්ඩායම සමත්ව සිටීම විශේෂත්වයක්. රයිසින් පූනේ කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසියේද අවසන් වටයේ තරගයකදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින්.
මෙවර තරගාවලියේ රයිසින් පූනේ කණ්ඩායම සමග පැවති සියලූ තරග පරාජය වීම නිසා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අද තරගයේදී ද දැඩි අභියෝගයක් එල්ල වනු ඇති බවටයි ක‍්‍රිකට් විචාරකයින් පවසන්නේ.
මෙවර අයි පී එල් ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි විසි පහකට (ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි 60ක් පමණ) අධික මුදල් ත්‍යාගයක් හිමිවනවා. අනුශූරයන්ට හිමිවන මුදල ඉන්දීය රුපියල් කෝටි 13කට ආසන්නයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment