නව ප්‍රංශ ජනපති තේරුවේ කැබිනට් ඇමති ධූර 22 ක් පමණයි -ස්ත්‍රී පුරුෂ සම නියෝජනයක්


ස්ත්‍රී පුරුෂ සමාන නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ප්‍රංශයේ නව ජනාධිපති ලෙස පත්වූ
එම්මානුවෙල්
මැක්‍රොන් කටයුතු කර තිබේ.ඒ අනුව කැබිනට් ඇමැති ධුර විසි දෙකෙන් එකොළහක්ම කාන්තාවන්ට හිමිව තිබේ.ආරක්ෂක අමාත්‍ය ධුරය සහ ක්‍රීඩා ඇමති ධුරය ද ඊට ඇතුළත්ය.
සියලු දේශපාලන මතවාද නියෝජනය වන පරිදි කැබිනට් මණ්ඩලය පත්කිරීමට ජනාධිපති මැක්‍රොන් පියවර ගෙන ඇත.
ජනතා ඡන්දයෙන් තේරී පත් දක්ෂිණාංශික මහජන නියෝජිතයන් එකසිය හැත්තෑ දෙනෙකු ජනාධිපති මැක්‍රොන්ට සහාය දෙන බව දන්වා ඇත.
ප්‍රංශ ජනපතිවරණය අවසන්වුවක් මහ මැතිවරණය තවම පවත්වා නැති අතර එය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment