මින් වසර දෙකකට පෙර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක් කර මහජන පීඩා
සිදුකළැයි කියන සිද්ධියක් නිසා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු චතුරංග වීරසේකර සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතාඊයේ (19) වරෙන්තු නිකුත් කළා.
2015 ඔක්තෝම්බර් මස 06 වැනි දා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයින් විසින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිටදී කරන ලද විරෝධතාවකදී මහජන පීඩා සිදුවීම මෙයට හේතුවයි.
සිද්ධියට අදාළ නඩුව ලබන අගෝස්තු 25 වැනි දා යළි කැඳවීමට නියමිතය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment