ලේ හිඟයට පිහිට වන්නට යාපනය ශික්ෂණ රෝහලට වැඩමවූ මහා සංඝ රත්නය ලේ දන් දුන් හැටි



ලේ හිඟයට පිහිට වන්නට
යාපනය ශික්ෂණ රෝහලට වැඩමවූ
මහා සංඝ රත්නය ලේ දන් දුන් හැටි


පසුගිය දිනවල පළවූ පුවතකින් කියැවුනේ යාපනයේ ලේ හිඟයක් ඇතිව තිබෙන බවත් ඒ නිසා යුද හමුදා සාමාජිකයින් ලේ දන්දීම සඳහා ඉදිරිපත්වූ ආකාරයත්ය. යාපනයේ කුල ප්‍රශ්නයක් නිසා ලේ දන්දීමට පිරිස් නොපැමිණෙන බවටද
වාර්තා පළවූ නමුත්

පසුව යාපන රෝහල එකී කරුණ ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වෙතත් රුධිර හිඟය දිගටම පැවතිණි. මෙම කාරණාව පිළිබඳ සංවේදීවූ පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ප්‍රමුඛ පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙනේ ස්වාමීන් වහන්සේලා සියක් නමක් පසුගියදා යාපනයේ සංචාරයක නියුතුවූයේ රෝහලට ලේ දන්දීමේ අදහසිනි.
ඒ අනුව සැබෑ සංහිඳියාව ප්‍රකට කළ භික්ෂූන් වහන්සේලා රෝහලේ සයන මත වැතිර රුධිරය දන්දීමේ පුණ්‍ය කර්මයට දායකවූ අයුරු අපූරු දසුනක් විය.










Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment