ජනතාවගේ අප්‍රසාදය හමුවේ වුවත් දැවැන්ත අභියෝග ජයගන්නවා

RW)MATARA

ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් සොයාදෙන වැවිලි කර්මාණ්තයේ නියැලී සිටින, තමන්ගේ නමින් බිම් අගලක්වත් නොමැති වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉඩම් අයිතිය ලබාදීම මෙන්ම නිවාස ඉදිකරදීමේ හරිත භූමි නව ගම්මාන නිවාස යෝජනා ක්‍රමය යටතේ මාතර දිස්ත්‍රික්කයේ ඉදිකළ පළමු නිවාස යෝජනා ක්‍රමය අකුරැස්ස හුලන්දාව වතුයායේදී පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණ.

එහිදි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ

මීට දෙවසරකට පෙර ආණ්ඩුව භාරගන්නා විට තමන් හමුවේ දැවැන්ත අභියෝග ගොන්නක් පැවති බවත් මේ වන විට ජනතාවගේ අප්‍රසාදය හමුවේ වුවද ඒවා ජයගනිමින් සිටින බවත්ය.

නිරවුල් ඔප්පු සහිතව මෙම නිවාස ජනතා අයිතියට පත්කිරීම මෙහි විශේෂත්වය වන අතර මෙම අවස්ථාවට අමාත්යවරුන් වන සාගල රත්නායක, ගයන්ත කරුණාතිලක, පලනි දිගම්බරන්,පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්දික පතිරණ ඇතුළු පිරිසක් එක්වූහ.

20840820_1337247763039220_2630119922048438940_n 20841023_1337247769705886_5150875009231366567_n 20882732_1337248319705831_3438992167140829016_n 20953404_1106957196070452_2
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment