අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ජනාධිපතිවරයා හමුවී පවසා ඇත්තේ කිසිසේත් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවයි. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ශ්‍රීලනිපයේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු සහාය ලබාදෙන බවට ද ඔහු ජනාධිපතිවරයා සහතික වී තිබේ.
ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර තිබූ එම පිරිසගේ අදහස වෙනස් වී ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිටට එරෙහි ඊයේ කොළඹ මහාධිකරණය ලබාදුන් නඩු තීන්දුවයි. මෙම නඩු තීන්දුවෙන් පසුව පාර්ලිමේන්තුවේදී හමුවී ඇති අදාල ඇමතිවරු පිරිස ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඔවුන් තීරණය කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා මෙය අවස්ථාව නොවන බවයි.
පසුගිය දිනවල ආණ්ඩුවේ සිටීමෙන් පලක් නොමැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ශ්‍රීලනිප ඇමතිවරුන් ඉදිරියේදී ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශ නිකුත් කරනු ඇති අතර ඒකාබද්ධ විපක්ෂය බරපතල ලෙස විවේචනය කළද පුදුම වියයුතු නැත. මෙරට දේශපාලනඥයන් හා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය එපරිදිය.
මේ අතර ඉදිරියේදී, පසුගිය ආණ්ඩුවේ වංචා-දූෂණවලට සම්බන්ධ තවත් පිරිසකට එරෙහිව නඩු තීන්දු ලැබීමට නියමිත අතර ඔවුන් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා බව වාර්තා වේ.
0 comments :
Post a Comment