මනෝ සේකරම් ලංකා බැංකුවෙන් යයි.


ලංකා බැංකුවේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ මනෝ සේකරම් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ලංකා බැංකුවේ සමාගම් ලේකම්වරිය වන ජානකි සිරිවර්ධන කියා සිටින්නේ 2017 සැප්තැම්බර් 08 වන දින සිට මෙම ඉල්ලා අස්වීම බලපැවැත්වෙන බවයි.

මනෝ සේකරම් මහතා ලංකා බැංකුවේ අධ්‍යක්ෂ තනතුරට පත් වූයේ පසුගිය ජූලි 06 වැනි දාය.

99X Technology Ltd හි සම-ආදිකර්තෘ මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරිවරයා ද වන මොහු මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ විශේෂඥයෙකි.

පෞද්ගලික හේතූන් මත තමා අදාළ තනතුරින් ඉවත් වන බව සේකරම් මහතා වැඩිදුරටත් සිට ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කොට ඇති බව වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment