පළමු ශ්‍රේණියට දරුවන් ගැනීම අවුල් වෙන ලකුණු.


ලබන වසරේ පළමු ශ්‍රෝණියට දරුවන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්‌ෂණ අවසන්ව තෝරා ගත් දරුවන්ගේ තාවකාලික නාම ලේඛනද සකස්‌ කර ඇති මේ මොහොතේ අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛය යළි සංශෝධන කිරීම නිසා පාසල් ප්‍රධානීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. 

පසුගිය 19 දාතමින් විදුහල්පතිවරුන් වෙත ලිපියක්‌ එවමින් අමාත්‍යාංශය චක්‍රලේඛය සංශෝධනය කර ඇති අතර මේ නිසා සංශෝධනය පෙර ප්‍රතික්‍ෂේප කරන ලද අයදුම්කරුවන් යළි සම්මුඛ පරීක්‌ෂණ සඳහා කැඳවීමට සිදු වනු ඇතැයි විදුහල්පතිවරු පවසති.

ලබන වසරේ පළමු ශ්‍රෝණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා අමාත්‍යාංශය විසින් පසුගිය ජුනි මස දී නිකුත් කරන ලද චක්‍රලේඛයේ සඳහන් 7.1.3 වගන්තිය ජුලි මස 31 දාතමින් විදුහල්පතිවරුන් වෙත එවූ ලිපියක්‌ මගින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. එහි සඳහන් වූයේ එක්‌ එක්‌ ගණය යටතේ වන නිර්ණායකයන්ට අනුව එක්‌ කොටසකට ලකුණු නොලැබෙන්නේ නම් එම අයදුම්කරු ප්‍රතික්‍ෂේප කළ යුතුය යන්නය. මේ නිසා සම්මුඛ පරීක්‌ෂණයේදී පදිංචිය සනාථ කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සියලු දෙනාම ප්‍රතික්‍ෂේප කිරීමට සම්මුඛ පරීක්‌ෂණ මණ්‌ඩල පියවර ගෙන තිබිණි. එහෙත් පසුගිය 19 දාතමින් විදුහල්පතිවරුන්ට එවා ඇති ලිපියට අනුව එක්‌කොටසකට ලකුණු අහිමිවුවද සෙසු කොටස්‌ සඳහා ලකුණු ලබාදිය යුතු බව දන්වා තිබේ.

මෙම තත්ත්වය මත ප්‍රතික්‍ෂේප කරන ලද අයදුම්කරුවන්ට සාධාරණයක්‌ කිරීමට යළි සම්මුඛ පරීක්‌ෂණ සඳහා කැඳවීමට සිදුවනු ඇතැයි විදුහල්පතිවරු පවසති. කෙසේ වූවද උද්ගතව ඇති තත්ත්වය යටතේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අමාත්‍යාංශය විදුහල්පතිවරුන් 

අද (26දා) කැඳවීමට නියමිත යෑයි එහි ආරංචි මාර්ග පැවැසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment