මෙයට හේතු වී තිබෙන්නේ ලන්ඩනයේ වීදිවල එම සේවාව සැපයීමට තරම් උබර් සමාගම ‘මහජන ආරක්ෂාව සහ ආරක්ෂක ප්‍රමිතීන්’ ආරක්ෂා කිරීමට සමත් වී නැති බවට දිගින් දිගටම එල්ල වූ චෝදනාවන් ය. ඒ අනුව උබර් ටැක්සි සේවාව, සිය සමාගම් වගකීම ඉටු කිරීමට සමත් නොවූ බවට චෝදනා එල්ල වේ.
මේ වන විට ලන්ඩනයේ උබර් ටැක්සි රථ රියැදුරන් 40,000 ක් දෙනා සේවයේ යෙදී සිටින අතර, සතියකට එහි සේවාව ලබාගන්නා පාරිභෝගිකයන් සංඛ්‍යාව මිලියන 3.5 කි. ලන්ඩනයේ ලකුණක් බඳු 'බ්ලැක් කැබ්' සේවාවට සාපේක්ෂව උබර් ටැක්සි සේවයේ මිල ගණන් අඩු මට්ටමක පවතින නමුත් පසුගිය සමයේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම ටැක්සි රථ සේවයට චෝදනා ගණනාවක් එල්ල විය.
එම චෝදනා අතර,
- බරපතළ අපරාධ වරද පිළිබඳ චෝදනා
- රියැදුරන්ගේ වෛද්‍ය සහතික ලබාගෙන ඇති ආකාරය පිළිබඳ ගැටලු
- සමාගමේ චෙක්පත් අක්‍රමිකතා
- ප්‍රවාහන නියාමන අධිකාරීන් විසින් ලන්ඩන් නුවර පොදු ප්‍රවාහන සේවා අධීක්ෂණය සඳහා යොදාගන්නා ‘ග්‍රේබෝල්’ මෘදුකාංගය භාවිතයට සමාගමේ උබර් ඇප් එක සහාය නොදැක්වීම
අන්තර්ගතය.
උබර් ටැක්සි සේවාව විසින් මේ තීරණය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇත. සැප්තැම්බර් 22 වැනිදා දැනුම් දී, ඇති බලපත්‍රය අවලංගු කිරීමේ තීරණයට එරෙහිව අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ට දින 21 ක කාලයක් තිබේ.
ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් කියා තිබෙන්නේ උබර් බලපත්‍රය අලුත් නොකිරීමේ තීරණයට තමන් පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment