පක්ෂ නායක රැස්වීමේදී මැතිවරණය ගැන එකඟතා 03ක්

පක්ෂ නායක රැස්වීමේදී මැතිවරණය ගැන එකඟතා 03ක්

 

එහිදී කිසිදු හේතුවක් මත මැතිවරණය ප්‍රමාද වීමට ඉඩ නොතැබිය යුතු බවට සියළු පාර්ශ්වයන් එකඟ වී ඇත.

ඒ අනුව අධිකරණයට කඩිනමින් මෝසමක් ඉදිරිපත් කර අධිකරණ තීරණය ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කිරීම පළමු කරුණ ලෙස සියළු පාර්ශ්ව එකඟ වී ඇත.

සීමා නීර්ණ ගැසට් පත්‍රයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් ඉල්ලා අස් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම දෙවන කරුණ ලෙස සියල්ලන් එකඟ වී තිබේ.

මෙම ප්‍රවේශයන් දෙකම අසාර්ථක වන්නේ නම් 2015 සීමා නීර්ණ ගැසට් පත්‍රය උපයෝගී කර ගනිමින් මැතිවරණය පැවැත්වීමේ හැකියාව සොයා බැලීම, සියල්ලන් එකඟ වූ තෙවැනි කරුණයි.

මෙම රැස්වීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට අග්‍රාමාත්‍යවරයා, පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා, නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ පක්ෂ නායකයින් එක්ව සිටියහ.

මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේදී පැවැත්වීමටත් කල් දැමුණු පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදී පැවැත්වීමටත් කටයුතු කරන බවය.

 - රංජිත් නිශාන්ත 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget