වාහන බදු වෙනස්වීම ගැන 2018 අයවැයේදී මංගල කියූ දේ (video)

අද 9 පැවැත්වූ අයවැය කතාවේදී මුදල් ඇමති මංගල සමරවීර මෙවර අයවැය ප්‍රතිපත්තියවූ හරිතකරණය අනුව වාහන භාවිතය ප්‍රවර්ධනය කරන්නට ගෙන ආ යෝජනා පහත පරිදිය.

‘මේ අරමුණ සඳහා  රජයේ සියලු වාහන 2025 වනවිට හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් කරනු ඇත.

විදුලි ත්‍රීරෝද බස් ඇතුළු විදුලිබල වාහන ආනයන බදු අඩු කරනු ඇත. එන්ජින් ධාරිතාව අනුව ආනයන බදු සූත්‍රයක් හඳුන්වා දෙනවා. අවම වශයෙන් ලක්ෂ 10 කින් විදුලි වාහන අඩුවනු ඇත. අතිසුඛෝපභෝගී වාහන සඳහා ලක්ෂ 25 කින් බදු වැඩිවනු ඇත,පොඩි වාහන සිහිනය මේ අනුව සැබෑ වනු ඇත.

එන්ජින් ධාරිතාව 2500 ට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා විහේෂ බද්දක් පනවනු ඇත,ඩීසල් ත්‍රීරෝද රථ පරිසරයට හානිකර නිසා ආනයන බදු වැඩි කරනවා.
දේශීය එකල්ස් කරන වාහන සඳහාද සහන සලසනවා. දැනට ත්‍රීරෝද රථ අයිති අයට බංග්ලාදේශය වැනි රටවලට විකුණන්නට අවස්ථාව සලසනු ඇත. ඒ සඳහා නැව් පහසුකම් කොන්දේසි හඳුන්වා දෙනවා.එයාර් බෑග්ස් රහිත වාහන ආනයනයට ඉඩ දෙන්නේ නැත,
ඉලෙක්ට්‍රික් බස් ලංගමයට හඳුන්වා දෙන්නට මිලියන 500 ක් මේ වසරේත් හදුන්වා දී ඇත,
චාර්ජ් කරන ස්ටේෂන් ලංකාව පුරා වැඩි කිරීමට සහන සලසනවා. කාබන් බද්දකුත් හඳන්වා දෙනු ඇත. මේ අනුව වසර 5 ක් ඇතුළත ලබාගත්  මෝටර් සයිකල් කාර් බස් සඳහා සත 17,රු 1.78 ක් හා  2.74 දවසකට ගෙවිය යුතුය.
සූර්ය බලයෙන් වාහන ආරෝපනය කරන මධ්‍යස්ථාන ස්ථාපිත කිරිමට යෝජනා කරනවා.‘

එම කතාවේ වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment