විදුලි බස් හා විදුලි ත්‍රිරෝද රථ මිලෙන් සියයට 90ක් රජයෙන්.

රටේ ඇති සියලුම වාහන 2040 වන විට දෙමුහුන් හෝ විදුලියෙන්  ධාවනය වන වාහන බවට පරිවර්තනය කර හරිත ප්‍රවාහන සේවයක් ඇති කරන බව මුදල් ඇමැති වරයා කියයි.

මේ අනුව දෙමුහුන් හා විදුලියෙන් ධාවනය වන වාහන මත පනවන බදු අඩු කරන අතර  ඛණිජමය ඉන්දන මත ධාවනය වන වාහන මත බදු යාවත් කාලීන කිරීමට තීරණය කර ඇත.

විදුලියෙන් ධාවනය වන මෝටර් කාර් රථයක බදු ලක්ෂ 10කින් අඩු කරන අතර  සුඛෝපභෝගී වාහන වල බදු  ලක්ෂ 25කින් වැඩි කිරීමට තීරණය කර ඇති බව මුදල් ඇමැති වරයා පැවසීය.

පරිසර හිතකාමී විදුලි ත්‍රිරෝද රථ භාවිතය දිරිමත් කරන අතර ඩීසල් ත්‍රි රෝද  බද්ද  රු. 50,000කින් ඉහල දමා ඇත.

විදුලි ත්‍රිරෝද රථ හා  විදුලි බස් භාවිතය දිරිමත් කිරීමට 10 යි 90 ක්‍රමවේදය භාවිතා කිරීමට පියවර ගෙන ඇත. එනම් පාරිභේගිකයා මුලු මුදලින් සියයට 10ක් යොදවන විට රජය සියයට 90ක් ලබා දෙනු ඇත.

දැනට පාවිච්චි කරන  ත්‍රි රෝද රථ බංගල දේශයට විකුණන්න අවස්තාව සලසා දීමටද කටයුතු කර ඇත.

ලංගම හරිත කරනය කිරීම සඳහා විදුලි බස් 50ක් ගෙන් වීමට  රැ බිලියන 500ක් වෙන් කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment